Grand Theft Auto: Vice City [ මේක ගහල නැත්නම් %#$# ]

ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ මේ පැත්තට එන්න හිතුන.කොහෙද මේ A/L කෙරුවාව නිසා අලුත් ගේම් එකක් වත් සෙල්ලං කරන්න වුනායැ.කමක් නෑ.අද මං කාලෙකට කලින් සෙල්ලං කරපු ගේම් එකක් ගැන කියන්නංකෝ.ගේම් එකේ නම තමයි  Grand Theft Auto: Vice City. මම නම් හිතන්නෙ මේ ගේම් එක සෙල්ලං නොකරපු කිසිම යාලුවෙක් නැතිතරම්.ඒ තරමටම මීට කලකට පෙර ජනප්‍රියවුනු ගේම් එකක් තමයි Vice City කියන්නෙ.ගේම් එක publish කරන්නෙ Rockstar Games කියන ආයතනය.ගේම් එක  Develop කරන්නෙ Rockstar North කියන ආයතනය.මේක  Windows මෙහෙයුම් පද්ධතිය සඳහා නිකුත් කරන්නේ May 1, 2003. ගේම් එක GTA ක්‍රීඩා මාලාවේ  III වන යුගයට අයත් දෙවන ක්‍රීඩාව ලෙස තමයි සැලකෙන්නෙ.මේ ගේම් එක අයත් වන්නෙ  driving games and third-person shooters සහ Open world කියන ක්‍රීඩා වර්ගයට.


         ගේම් එකේ ප්‍රධාන චරිතය තමයි Tommy Vercetti.මොහුව තමයි අපිට මෙහෙයවන්න වෙන්නෙ.Tommy කියල කියන්නෙ Mafia සාමාජිකයෙක්.විවිධ අපරාධ කරුවන් හමුවී ඔවුන් ලබාදෙන කොන්ත්‍රාතු ඉ‍ටුකිරීම තමයි මේ ගේම් එකේ සිදුකරන්න තියෙන්නෙ.මේ ගේම් එකේ Mission බරගානක් තියෙනව.මටනම් මේ ගේම් එක ඉවරකරන්න මාස 6ක් විතර ගියා.මොකද  Mission පාස් කරනවට වඩා  කාර්,බයික් පදින එකනෙ කරන්නෙ :D.එක ඉතින් පට්ට ජොලි.අවි ආයුධ ගැන කියනව නම් ඉතින් එක එක වර්ගෙ ඒව තියෙනව.හුඟක් ආයුධ අරගන්නෙ Cheat codes වලින්ම තමයි.මේ ගේම් එකේ Version දෙකක්  මම සෙල්ලං කරල තියෙනව. එකVersion එකකනම් Sound නැහැ.අනිත් එකේනම් අලුත් වාහන තියෙන්නෙ.හැබැයි අලුත් වාහන තියෙන version එකේ අන්තිම හරියෙදි ගේමෙ පොඩි අවුලක් වෙනව.


            කොහොම වුනත් මේ ගේම් එක එල කිරි ගේමක් හොඳේ.ඔන්න ගේම් එක සෙල්ලං කරන්න ඕන කරන පද්ධති අවශ්‍යතා ටික පහලින් දානව.A/L වලින් පස්සෙ අලුත් ගේම් එකක් සෙල්ලං කරල ඒ ගැන ඔයාලටත් කියන්නං කෝ.එහෙනං මම කැපෙනව.


                                             මේං පොඩි වීඩියෝ කෑල්ලක්






  • Minimum System Requirements:

  • CPU:800 MHz Intel Pentium III or 800 MHz AMD Athlon or 1.2GHz Intel Celeron or 1.2 GHz AMD Duron processor
  • RAM:128 MB of RAM
  • VGA:32 MB video card with DirectX 9.0 compatible drivers
  • DX:DirectX 9.0
  • OS:Windows 98/98SE/ME/2000 SP3/XP SP1



[ මෙම ලිපියෙහි Dimuth Madushanka සතුවේ... ]

Comments

  1. මේ මොනවා කියනවද?අයෙ කතා 2 ක් නැ සුපිරි ගේම.මම මුලින්ම ගැහුවෙත් ඕක තමා.

    ReplyDelete
  2. ආයි මොන කතා ද ...මට මතකයි මම IGI ඉවකරාට පස්සේ ඔක තමයි ගැහුවේ...මට තාම මතකයි අර A අකුරේ Plane Mission එක මම ගහපු තරම්...පට්ට අහ....එල එල

    ReplyDelete
  3. ආයි මොන කතා ද ...මට මතකයි මම IGI ඉවකරාට පස්සේ ඔක තමයි ගැහුවේ...මට තාම මතකයි අර A අකුරේ Plane Mission එක මම ගහපු තරම්...පට්ට අහ....එල එල

    ReplyDelete
  4. ya ya broo elama kiri game ekak VCOP IGI aand Vice city. mareee maruuu

    ReplyDelete
  5. අන්න ඒක තමයි...උබට මතකද අකලංකයෝ අර ආච්චිගේ Mission එකක් තියෙන්නේ...මුහුදේ යන බෝට්ටු වලට පොඩි Plane එකකින් බොම්බ දාන්න...අන්න ඒකත් පට්ට අමාරැයි

    ReplyDelete
  6. Rukshan Gimhana DissanayakeFebruary 20, 2012 at 8:16 AM

    ammooooooo mama meeeka gahapu paya gaana matama hitha ganna baha!!!

    ReplyDelete
  7. එල මචන් ,,,ඔන්න කිව්වා වගේ ,, FB වලින් අවා

    ReplyDelete
  8. ඔය තියෙන්නේ.....එල එල...

    ReplyDelete
  9. wi 7 wala barida mage thiyenne core 2 du (T5550) 1.8 ekak dena ewa ekak wath set wenne na.thanks

    ReplyDelete
  10. ko ban download karana link aka?

    ReplyDelete
  11. ඕන් කිව්ව විදියටම ලිපියක් එවල ඇති, බලන්නකො...

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...