Age Of Empire III

අද මම මට ආපු Email චෙක් කරන කොට ඉස්සරම මට Dimuth එව්ව ලිපියක් හම්බ උනා...මම ඒක දාන්න හිතන් හිටියට අමතක උනා...කමක් නෑ ඔන්න දැන් දැම්මා

ඔන්න යාලුවනේ මම ගේම් එකක් ගැන තොරතුරැ ටිකක් ගෙනවා ඔයාලා මේ ගේම් එක සෙල්ලං කරල ඇති. අද මජ කියන්නේ Age Of Empire III ගේම් එක ගැන මේ ගේම් එක හදල තියෙන්නේ Ensemble Studio කියන ආයතනය ගේම් එක Publish කරන්නේ Microsoft Game Studios ආයතනය.මේ ගේම් එක වෙනස් විදියේ ගේම් එකක් මේක මේ ගේම් වලට කියන්නේ Strategy Games කියල..ඒ කියන්නේ ගේම් එක Play කරන Player ට ගේම් එකේ චරිතයකට ආදේශවෙලා නෙවේ සෙල්ලං කරන්න තියෙන්නේ Player ට කරන්න තියෙන්නේ ගේම් එකේ ඉන්න චරිත නිසි ආකාරව පාලනය කරන්න ඒ කිව්වේ ක්‍රීඩකයා ගේ බුද්ධිය මෙහෙයවා තරමක් කාල වේලාව අරගෙන තමයි මේ ගේම් එක ජයග්‍රහනය කරන්න තියෙන්නේ

මේ ගේම් එකේ තේමාව වෙලා තියෙන්නේ නව ලොව සොයා යෑමයි.ඒ කිව්වේ ඇමරිකාව සොයාගැනිමයි.එවක අධිරාජ්‍ය ව්‍යාප්ත කල රටවල් අටක් තියෙනවා ඒ රටවල් වලින් එකක් තෝරාගෙන තමන් තෝරාගත් රට වෙනුවෙන් රටේ බලය ව්‍යාප්ත කරන්න යුද්ධ කරන්නත් වෙනවා හැබැයි එක සැරේ යුද්ධ කරන්න ආමරැයි මුලින්ම අපි තොරගත්ත රටේ දේශ ගවේශන කන්ඩායමේ නගරය සංවර්ධනය කරන්න ඕනේ ගෙවල් හදලා ජනගහනය වැඩිකරල ඔවුන්ට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරල නගරයට අවශ්‍ය හමුදාව හදාගෙන තමයි යුද්ධ කරන්න වෙන්නේ..මේ ගේම් එකේ Campaign තෝර ගත්තම ක්‍රීඩාව විසින් සපයන ඉලක්ක සම්පූර්න කරමින් ඉදිරියට යන්න වෙනවා.Campaign තෝරගත්තම Act 1 , Act 2 , Act 3 කියල අධියර තුනක් තියෙනවා ඒ අධියර තුනේදී පිලිවෙලින් Morgan Black, Jone Black, Amelia Black කියල චරිත තුනක් මෙහෙයවන්න වෙනවා


System requirements


Windows XP or later
 
1.4 GHz Intel or AMD processor
 
256 MB Ram

64 MB graphics card capable of Hardware T&L

2 GB Hard Disk Space



Comments

  1. මමනම් තවම මේක ගහලා නැ .....මෙව්වා ගහන්ඩ කම්මැලියි බන් ,, :D මොනවා උනත් හොද පොස්ට් එකක් මචන්

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...