Blog එකක් හදාමු...

මම ඔයගොල්ලන්ට මුලින්ම කියල දෙන්නම් කොහොමද බ්ලොග් එකක් ආරම්භ කරන්නේ කියලා..මුලින්ම මේ Blogger ගැන පොඩ්ඩක් කියන්නම්..Blogger මේ නම නම් දැන් වෙන කොට අහපු නැති කෙනෙක් නැති තරම් මොකද කිව්වොත් මේක දැන් හුගක් ජනප්‍රිය වෙලා තියෙන්නේ...මේකේ විශේෂයක් තමයි අනිත් ඒව වගේ නෙමෙයි හුගක්ම පහසුයි...මෙහි සිංහලෙන් ඉතාම ලෙහෙසියෙන් Blog අඩවියක් පවත්වාගෙන යාමේ හැකියව තියෙනවා....මම ඉදිරියේදී තවත් බොහෝදේ කියල දෙන්නම්...හරි එහෙනම් දැන් වැඩේට බහිමු

  •  මුලින්ම ඔයගොල්ලෝ මේ ලිපිනයට යන්න - http://www.blogger.com

  • ඊට පස්සේ මෙන්න මේවගේ එකක් එයි...ඔය ගොල්ලන්ට Google ඊ මේල් ලිපිනයක් තියෙනවනම් මෙතෙන්ට ඒක දීල Log වෙන්න...එහෙම E - Mail එකකු නැත්නම් මෙතනින් E - Mail එකක් හදාගන්න..මෙතන Click කරන්න.Gmail 






  • එහෙම ලොග් උනාට පස්සේ මෙහෙම එකක් ඒවී...ඒකේ ඔයාල Blog එකට දාන්න ඉන්න නම පලවෙනි කොටුවේ දාන්න...දෙවැනි කොටුවේ ඔයලට කැමති වෙබ් ලිපිනයක් දෙන්න. ඊට පස්සේ Check Available කියන එක උඩ Click කරන්න..ඒ වෙබ් ලිපිනය යොදාගන්න පුලුවන්නම් Available කියලා වැටෙනවා එහෙම නැත්නම් Not Available කියල වැටෙයි එහෙම උනොත් ඉතිං වෙන එකක් ගහන්න..ඔය තුන්වෙනි කොටුවට ඔය අකුරැ ටික ගහල Continue කරන්න 









  • දැන් ඉතිං මෙන්න මේ Template වලින් කැමති එකක් තෝරගන්න...අපිට කැමති එකක් දාගන්න හැටි ඉදිරියේදී කියල දෙන්නම්...දැන් එකක් තොරගෙන Continue කරන්න









  • දැන් වැඩේ ඉවරයි....දැන් Start Blogging උඩ Click කරන්න










  • මම හිතනවා ඔය ගොල්ලෝ Office වල වැඩ කරල ඇති කියලා...අන්න ඒ වගේ තමයි මේකත් දැන් ඉතිං ඔය ගොල්ලනට කැමති දෙයක් ලියන්න...ඔය Title කියන තැනට මාතෘකාවක් එහෙම දීල කොටන්නයි තියෙන්නේ....ඊට පස්සේ ඕන්නම් Preview පාරක් එහෙම දාල බලල..කෙලින්න Publish කරන්නයි තියෙන්නේ...








  • දැන් ඔය උඩ තියෙන View Blog කියන එක උඩ Click කරල...බලන්න ඔයාලගේ Blog එක කොහොමද කියලා...දැක්කනේ හරිම ලේසී දෙයක්....

Comments

  1. එල කිරි ස්තුතියි කොල්ලො, මට කියලදෙන්නකො වර්ඩ් කන්‍ෆිග් අයින් කරන හැටි

    ReplyDelete
  2. අහන ප්‍රශ්නය පැහැදිලි මදිනේ

    ReplyDelete
  3. සහෝ Blog 1 හදන ක්‍රමය වෙනස් කරල නේද? ටිකක් බලලා අපට පොඩි උදව්වක් දෙනවද?

    ReplyDelete
  4. ඔව් අප්‍රේල් වල ඉදන් Interface එක වෙනස්..මම ඕනේ උදව්වක් දෙන්නම්..මොකක්ද කියන්න බලන්න

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...