Mount & Blade : Warband

කොහොමද කස්ටියට............කාලෙකින් මේ පැත්තට එන්න කියල හිතුන ඔන්න.ආපු එකේ ගේම් එකක් ගෙන කියල යන්න හිතුන.ඔන්න අද මං කියන්න යන ගේම් එක රජ කාලෙ ගැන කියවෙන ගේම් එකක් හොඳේ.වැඩිය රස කොරන්නෙ මොකටද,ඔන්න ඔහේ කියල දාන්නං කෝ.ගේම් එකේ නම තමයි Mount & Blade:Warband. Mount & Blade ක්‍රීඩා මාලාවෙ දෙවනි කොටස තමයි මේක.මම මේකේ පලවෙනි කොටස නම් සෙල්ලං කරල නෑ හොඳේ.ගේම් එක දැක්ක ගමන් මතක් වෙන්නෙ මධ්‍යකාලීන යුගය.මේ ගේම් එක Develop කරන්නෙ TaleWorlds කියන ආයතනය.ගේම් එක publish කරන්නෙ Paradox Interactive කියන ආයතනය. මේ ගේම් එක නිකුත්වුනේ 2010 මාර්තු 30 වනදා. මේ ගේම් එක අයිතිවෙන්නෙ  action role-playing කියන ගේම් වර්ගයට.මේ ගේම් එක First person හා Third Person කියන දෙවිදියටම වගේම strategy විදියටත් සෙල්ලං කරන්න පුලුවන්.

              ගේම් එක ගැන කියන්නං කෝ,මේ ගේම් එකේ මුලින්ම අපි චරිතයක් ‍තෝරගන්න ඕන.අපි ‍තෝරගත්ත චරිතය කැමති විදියට කොන්ඩෙ,‍රැවුල,ඇඳුම් පැලඳුම් ඕන විදියට හදාගන්න පුලුවන්.ඒ විතරක නෙවෙයි එම චරිතයට අදාලව ඔහුගෙ පවුල් පසුබිම පවා අපිට ඕන විදියට ‍තෝරගන්න පුලුවන්.ඉතින් අපිට ඊට පස්සෙ තියෙන්නෙ එම චරිතය මෙහෙයවන්න තමයි.විවිධ නගර වල ගමන් කරමින් විවිධ රජවරුන්,විවිද පුද්ගලයන් හමුවී ඔවුන් පවරන කාර්යයන් ඉ‍ටුකරන්න තමයි තියෙන්නෙ.අපිට බොහෝවිට කරන්න තියෙන්නෙ,වෙලඳුන් අරක්ශිතව නගර කර ගෙන යෑම,මංපහරන්නංගෙන් විවිද පුද්ගලයන් බේරාගැනීම,විවිද රජවරු සමග යුද්ධ කිරීම,වගේ දේවල් තමයි.මේ ගේම් එකේ ප්‍රධාන වශයෙන් අපි විවිධ පුද්ගලයන් අප සමග එකතු කරගනිමින් අපි කන්ඩායමක් හදා ගන්න ඕන.නැත්නම් අපිට සතුරන් සමග යුද්ධ කරන්න බෑ හොඳේ.

                  මේ ගේම් එකේ අපිට අශ්වයන් ගේ පිටේ එහෙම යන්න වෙනවා.අශ්වයො පදින එක පට්ට ජොලි හොඳේ.අපිට ලැබෙන ආයුධ එහෙම රජ කාලෙ බඩු.ඒ කිව්වෙ විවිධ වර්ගයේ කඩු,දුනු,හෙල්ල,පොරව, ඔන්න ඔය වගේ ආයුද තමයි ලැබෙන්නෙ.ඇත්ත ම කියනවනං මේ ගේම් එක ගැන ලියන්න පි‍ටුගනං පුලුවන් මොකද මේ ගේම් එකෙ තියෙන වැඩකිඩ ගොඩයි.සෙල්ලං කරලම බලන්නකෝ.ආ.........තව ටිකෙන් කියන්න අමතක වෙනව,මේ ගේම් එක On board Graphic තියෙන කොම්පියුටර් වලත් වැඩ කොරනව හොඳේ.ඒ නිසා හැම යාලුවෙක්ටම සෙල්ලං කරන්න පුලුවන් හොඳේ.ගේම් එක හදපු උන්දැල සෙල්ලං කරන්න ඕනැයි කියන අවශ්‍යත මං පහලින් දානව ඔන්න හොඳේ.අලුත් ගේම් එකක් සෙල්ලං කරපු ගමන් මං ඔයගොල්ලන්ටත් ඒ ගැන අද්දැකීම් කියන්නංකෝ.එහෙනං ඉතිං මං කැපෙනව හොඳේ...........




  • Minimum System requirements :

  • CPU : Intel Pentium IV 2.0 GHz or AMD 2000+
  • RAM : 1 GB or more of RAM
  • VGA : NVIDIA GeForce FX 5600 or ATI Radeon X600 video card
  •  OS : Windows Xp



 ( මෙම ලිපිය Dimuth Madhushanka සොහොයුරාගෙනි. )



Dimuth සහෝදරයාගෙන් මම ඉස්සෙල්ලා සමාව ඉල්ලන්න ඕන මොකද කිව්වොත් Dimuth මේ ලිපිය එවලා දින 4 -5 වෙනවා...ප්‍රමාද උනාට සමාවෙන්න







Comments

  1. that what i want!finally game that i imagine finally in this site.1st person,3rd person and strategy!three in one!cooooooooooooooooool.

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...