ග්‍රැෆික් කාඩ් - Graphic Card

අද මම කියන්නේ Gamer කෙනෙක්ට හුගාක් වැදගත් දෙයක් ගැන මේ ලිපිය ඔය ගොල්ලන්ට ප්‍රයෝජනවත් උනා කියල හිතනවනම් Share කරල Comment එකකුත් දාල යන්න
ග්‍රැෆික් හෝ වීඩියෝ ඇඩැප්ටරය ( Graphics/Video Adaptor ) නැතහොත් වීඩියෝ කාඩ්පත ( Video Card ) එසේ නොමැති නම් ග්‍රැෆික් කාඩ්පත( Graphic Card ) පරිගණකයට වැදගත් වන්නේ එහි ග්‍රැෆික දත්ත සැකසීමේ කටයුතු කිරීමටයි. එනම් පෙන්විය යුතු ( Display ) ප්‍රතිධාන චිත්‍ර (output images) සෑදීම හා 3D හා 2D ග්‍රැෆික සකසාදීම් කටයුතු කිරීම ආදියටයි. පරිගණක වීඩියෝ ක්‍රීඩා, ත්‍රිමාණ සජීවීකරණ ආදී කටයුතු සදහා සුදුසු Video Card එකක් තෝරාගැනීමේදී අප මූලිකවදැනගතයුතු කරුණු කීපයක්....

ග්‍රැෆික් කාඩ්පතක ප්‍රධාන කොටස්


 Graphic Card එකක ඇති ප්‍රධානතම කොටස් දෙක වන්නේ එහි ග්‍රැෆික සකසන ඒකකය (Graphic Processing Unit) සහ මතකය ( Memory ) යි. මෙයින්ද වඩාත් වැදගත් වන්නේ Graphics Card එකක ඇති ග්‍රැෆික සකසන ඒකකය Graphic Processing Unit (GPU) එකයි. බොහෝ විට මෙය විශාල Heat Sink එකකින් හෝ Fan එකකින් ආවරනය වන නිසා පියවි ඇසට දර්ශනය නොවේ. දත්ත සකසනයකින් දත්ත සකසන ආකාරයටම Graphics Card එකක වීඩියෝ/ත්‍රිමාණ රූප දත්ත සකසන්නේ මෙම Graphic Processing Unit එක මගිනි. මේ නිසා පරිගණකයකට දත්ත සකසනයක වේගය බලපාන තරමටම Graphics Card එකකට එහි GPU එකෙහි වේගය බලපායි.
නව ග්‍රැපික් කාඩ්පත් වල පරිගණන බලය  5 Tera FLOPS (floating point operations per second) (තප්පරයට ගණනය කිරීම් මිලියන මිලියනයක්) තරම් විශාල අගයක් ගන්නා අතර එය සාමාන්‍ය ප්‍රොසෙසරයක් හා සසඳනවිට 10 ~15 ගුණයකටත් වැඩි අගයකි. අද බොහෝ සුපිරි පරිගණක CPU හා සමගාමීව GPU ද යොදාගනී. මෙම ක්‍රියාවලිය GPGPU (General Purpose Computing on Graphic Processing Units) ලෙස හදුන්වයි.

තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු වන කරුණු


  • ඔබේ මවු පුවරුව

ග්‍රැෆික් කාඩ් තෝරාගැනීමේදී පළමුවම සලකා බැලිය යුතු කරුනක් වන්නේ ඔබේ මවු පුවරුවට ගැලපෙන ග්‍රැෆික් කාඩ් වර්ගයයි එනම්  AGP හා PCI-E අතරින් කුමන කාඩ්පත ඔබේ පරිගණකයට ගැලපේද යන්නයි.

  • මතකය හා මතක ධාරිතාවය

අප අතර පවතින වැරදි මතයක් නම් Graphics Card එකක මතකයේ ප්‍රමාණය වැඩි නම් (GPU එක කුමක් වුවත්) එය මිලදී ගැනීම සුදුසුය යන්නයි. එහෙත් එය වැරදි මතයකි. Graphics Card එකක මතකය අවශ්‍ය වන්නේ resolution හා color depth වලට අදාලව display කළයුතු images වල data තැන්පත් කිරීමටත් 3D graphics, textures, vertex buffers අදියේ depth coordinates වල data තැන්පත් කරගැනීම ආදියටයි.
වර්තමානයේ පවතින අවශ්‍යතා අනුව මේම Graphics Card විවිධ ප්‍රමාණවලින් ඇත එනම්..256 MB, 512 MB, 1GB,2 GB.......ආදී වශයෙන් ඇත.නමුත් ඔබ පරිගණක ක්‍රීඩා සදහා මෙම Graphic Card එකක් තෝරා ගන්නේනම් මෙහිදී ඔබගේ Monitor එකෙහි Resolution එකද සලකා බැලිය යුතුයි.....


  • මතකක චිප වල වේගය

මතකයේ ප්‍රමාණය මෙන්ම එහි වේගයද Graphics Card එකක ක්‍රියාවට ඍජුව බලපායි. Graphics Card සදහා භවිතා වන memory වර්ග හා ඒවායේ performance අනුව පිළිවෙල කෙටියෙන් පහත දැක්වේ. වේගය SD < DDR < DDR2 < GDDR2 < DDR3/GDDR3 < GDDR4 < GDDR5 GDDR යනු Graphics Card සදහා පමණක් යොදාගන්නා මතකයකි. එමනිසා GDDR හා DDR අතර ඍජු සබඳතාවක් නැත.මතකයේ වේගය Graphics Card එකට බලපාන අයුරු උදාහරණ: 8600GT DDR2 512MB කාඩ්පත - මතකය ක්‍රියා කරන වේගයmemory bandwidth =12.8GBps 8600GT DDR3 256MB කාඩ්පත - මතකය ක්‍රියා කරන වේගය memory bandwidth = 22.4GBps DDR3 මතකය සහිත කාඩ්පත මතකය 256MB උවද 512MB මතකයක් ඇති කාඩ් පතට වඩා සැලකියයුතු තරම් ප්‍රබලතාවක් ලබා ඇත. එකම GPU වර්ගය සහිත Graphic Card දෙකක මතකය DDR2 සිට GDDR3 වලට පැමිනෙනවිට video දත්ත හුවමාරු වේගය 2‍ ගුණයකින් පමණ වැඩි වී ඇති නිසා Graphic Card එකේ වේගයටද එය කෙලින්ම බලපා ඇත.Quad SLI තාක්ශණය - එකම මවුපුවරුවේ NVIDIA Graphic Card හතරක් සවිකොට ඒවා තනි ප්‍රබල කාඩ්පතක් ලෙස ක්‍රියාකරවීම මෙමගින් සිදුවේ. එසේම Dual SLI හෝ Triple SLI ලෙස කාඩ්පත් 2 හෝ 3 ලෙසද මෙම තාශණය භාවිතා කළහැක. මේ සදහා අදාල පහසුකම සහිත Mother Board එකක් සහ NVIDIA Graphic Card අවශ්‍ය වේ. මීට සමගාමීව ATI සමාගම CrossFire නම් පහසුකම තම කාඩ්පත් සදහා ලබාදෙයි. එයද ග්‍රැෆික් කාඩ් 2, 3 හෝ 4 භාවිතයෙන් බලගැන්වියහැකිය.


 මම හිතනවා මේ ලිපිය ඔය ගොල්ලන්ට ප්‍රයෝජනවත් වේවි කියලා...එහෙම හිතෙනවා නම් ඔය ගෙල්ලන්ගේ අනිත් යහලුවන් Share කරගන්න......Comment එකක් දාන්න අමතක කරන්න එපා..

Comments

  1. එල මචං..........තව මේවගේ තාක්ෂනික තොරතුරු දාපං

    ReplyDelete
  2. එල මචං..........තව මේවගේ තාක්ෂනික තොරතුරු දාපං

    ReplyDelete
  3. අනිවා....දෙන්නම්...මට ඉතිං උබලගේ සහයෝගෙත් දීපන්....OK

    ReplyDelete
  4. එල මචා මමත් ග්‍රැෆික් කාඩ් එකක් බස්සන්න ඉදියෙ. ඔන් බොර්ඩ් වල හොද ගේම් වඩකරන්නෙ නැනෙ බං

    ReplyDelete
  5. danata lankawe hondama gamin computer ekak thibba colombo wala exhibition ekaka(nama mathaka ne)...ekedi BF3 ultra daala gahanna dunna....eke thibbe GTX590 2GB vga 2k sli karala e dekata viyadama rs.135,000i

    ReplyDelete
  6. අපේ ළමයින්ටවත් ඔයින් VGA Card එකක් අරන්දෙන්න Try කරන්න ඕන

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...